හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 2 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 22 July 2018 - 6:30

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සේරුනුවර ඊච්චලම්පත්තු ප්‍රදේශයේ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලො 2 යි ග්‍රෑම් 69 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසිනුයි වැටලීම සිදුකර තිබුනේ.

කරකාමලේ සහ ඊච්චලම්පත්තු ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 42 සහ 46 වයස්වල පසුවනවා.

වැඩිදුර විමර්ශණ සඳහා සැකකරුවන් සේරුනුවර පොලිසියට භාරදී තිබෙනවා.

එමෙන්ම, ලක්ෂ 96ක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806ක් සමඟ පෙරේදා අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයාගේ එම මත්ද්‍රව්‍ය මෙරට බෙදා හරින බවට සැකකරන පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගත්තා.

37 හැවිරිදි සැකකරු කිඹුලාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories