මීතොටමුල්ලට අලූත් යෝජනාවක්

Sunday, 22 July 2018 - 7:52

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මීතොටමුල්ල කසළ කන්ද පවතින භූමියේ හරිත උද්‍යානයක් ඉදිකිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ඊට අදාළ ආදර්ශ උද්‍යානයක් නිර්මාණය කරනු ලබනවා.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සදහන් කළේ මේ වනවිට එහි මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි.

එහි කටයුතු නිමාවීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද පවතින භූමියේ උද්‍යානයක් පවත්වාගෙන යාමේ හැකියාව, එහි ආරක්ෂාව, මීතේන් වායුවෙන් හානියක් වන්නේ ද යන්න පිළිබදව පසු විපරමක් සිදුකිරීමට නියමිතයි.

එම භූමියේ හරිත උද්‍යානයක් සකස් කිරීම සදහා ටෙන්ඩර් කැදවීමට හෝ නැතහොත් නාගරික සංවර්ධන අධිකාරිය යටතේම එහි උද්‍යානයක් ඉදිකිරීමට පියවර ගැනෙනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories