රන් මිල ඉහළට

Sunday, 22 July 2018 - 12:57

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීම ජනපති ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් වාර්තාවනවා.

ඩොලරය ශක්තිමත් වීම සමඟ රන් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින අතර, පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් ඩොලරයේ අගය ඉහළ යාමක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණා.

කෙසේ නමුත් පසුගිය සති අන්තය වනවිට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1231 යි ශත 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහෙත් එම මිල තවමත් පවතින්නේ පසුගිය ජනවාරි 15 වනදා වාර්තාවූ ඩොලර් 1362 යි ශත 90 ක මේ වසරේ උපරිම මිලට වඩා සියයට 10 ක් අඩු මට්ටමකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories