බියගම උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

Monday, 30 July 2018 - 10:23

%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+15+%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් බියගම - උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 9 සිට රාත්‍රි 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

සියඹලාපේවත්ත, අලූබෝවිල, දෙල්ගොඩ, අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරලූව, මල්වාන, දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්පල, ගල්වලගොඩ, යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්.

බියගම උතුර
සියඹලාපේ වත්ත
අළුබෝවිල
දෙල්ගොඩ
අකුරුමුල්ල
කඳුබොඩ
උලහිටිවල
වල්ගම
යබරළුව
මල්වාන
දොම්පේ
නාමළුව
දෙකටන
නාරම්පල
ගලවලගොඩ
කළුකොදවාව
ඉන්දොලමුල්ල


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories