Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 10 August 2018 - 15:43
ඉන්ධන වර්ග දෙකක මිල ඉහළට
178

Shares
21,442

Views
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට සිට ඉන්ධන වර්ග දෙකක මිල ඉහළ දමා තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ නැංවූ බවයි.

ඒ අනුව රුපියල් 155කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157 ක් වනු ඇති. ඊට අමතරව සුපරි ඩීසල් ලීටරයක් රුපියල් 129 සිට රුපියල් 130 දක්වා ඉහළ නැංවෙනවා.

කෙසේ වෙතත්,  ඕක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මිලෙහි වෙනසක් සිදුවන්නේ නැහැ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් තවදුරටත් රුපියල් 145 කටත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118 කටත් අලෙවි කෙරෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
නැඳුන්ගමුවේ රාජා නුවර යන අතරමඟ
Saturday, 18 August 2018 - 18:00
නැඳුන්ගමුවේ රාජා හස්තියා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පෙරහැරේ දළදා කරඩුව වැඩම කරවීම... Read More
News Image
Hiru News Programme Segments
12 Views
781 Views
5,997 Views
5,620 Views
169 Views
41,794 Views
Top