Hirunews Logo
%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Friday, 10 August 2018 - 17:10
වෙළඳසැලක ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)
20

Shares
2,517

Views
අම්බලන්තොට උහුපිටිගොඩ, නුගේවෙල ප්‍රදේශයේ වෙළඳසැලක ඇතිවූ ගින්නකින්  කුඩා දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

අවුරුදු 10 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 ක ගැහැණු ළමයෙක් අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ රාත්‍රි ගින්න හටගෙන ඇති අතර වෙළඳසැලේ සිට ඇත්තේ කුඩා දරුවන් දෙදෙනා පමණයි.

විදුලිය ද විසන්ධි වී තිබු එම අවස්ථාවේ දෙමව්පියන් ද පිටතට ගොස් තිබු බව සඳහන්.

පෙට්‍රල් බෝතලයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකුට ළමුන් දෙදෙනා පෙට්‍රල් ලබාදීම සඳහා ඉටිපන්දමක් දැල්වු අවස්ථාවේ පෙට්‍රල් බෝතලය පිපිරී ගින්න හටගෙන තිබෙනවා.

අනතුරුව පෙට්‍රල් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා දරුවන් බේරාගෙන රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්වී ගින්න නිවා දැමීමට කටයුතු කර තිබු බව සඳහන්.


ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
Hiru News Programme Segments
669 Views
285 Views
5,871 Views
5,494 Views
83 Views
41,255 Views
Top