Hirunews Logo
%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
Monday, 13 August 2018 - 9:06
රක්ෂිත දෙකක ගින්නක්
2

Shares
255

Views
වවුනියාව - ඉරට්ටපෙරියකුලම් ඖෂධපිටිය රක්ෂිතයේ සහ මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක හදිසි ගින්නක් හටගෙන තිබුණා.

ඉරට්ටපෙරියකුලම් රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නෙන් අක්කර 200 ක් පමණ විනාශ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රදේශයට බලපා ඇති වියලි කාලගුණය සහ සුළඟ ගින්න සීග්‍රයෙන් පැතිර යාමට හේතු වී ඇති නමුත් පොලීසිය සහ වවුනියාව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න මැඩපවත්වා තිබෙනවා.

මේ අතර මින්නේරිය වැව් රක්ෂිතයේ කොටසක ඇති වූ හදිසි ගින්නක් අක්කර 6 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මින්නේරිය යුද හමුදා ගිනි නිවීම් ඒකකය, තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව එම ගින්න ද මැඩපවත්වා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
කාන්තාරකරණයට අත වනන පුත්තලමේ කඩොලාන විනාශය
Monday, 13 August 2018 - 18:52
පුත්තලම වෙරළ තීරය ආශ්‍රිතව ඇති  කඩොලාන ශාඛ කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් පවතින බවට තොරතුරු... Read More
News Image
News Image
Hiru News Programme Segments
891 Views
550 Views
5,949 Views
5,566 Views
138 Views
41,520 Views
Top