උතුරට නියඟය - කඳුකරයට තද වැසි

Tuesday, 14 August 2018 - 10:44

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+-+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශයේ ද ජල මට්ටම තරමක් දුරට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වැසි සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 46ක කට අයත් පුද්ගලයින් 167 දෙනෙකු නාය යාමේ අවදානම හේතුවෙන් ඉවත් කර තිබෙනවා.

ඔවුන් අඹගමුව, කිරිමැටිය, දික්ඔය ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට අයත් පුද්ගලයින් වන අතර, ඉන් වැඩි පිරිසක් වාර්තා වන්නේ අඹගමුව සහ දික්ඔය ග්‍රාම නිලධාරී කොට්ඨාශවලින්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් එම ප්‍රදේශයේම කඳවුරුවල රදවා ඇති බවයි.

එසේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර ප්‍රදේශවල රිය ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.

මේ අතර, වව්නියාව ඇතුළු උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 1974ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 7276ක් බව සඳහන්.

ප්‍රදේශයේ ළිං සහ වැව් වල ජලය නොමැතිවීම හේතුවෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ නමුත් බවුසර් රථ යොදා ගනිමින් එම ප්‍රදේශවල ජනතාවට ජලය සැපයීමට කටයුතු යොදා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සහ හෙට දිනයේ වැසි තත්ත්වයේ සහ සුළෙඟ් තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories