ස්වාධින වීම ගැන තීන්දු කිරීමට කමිටුවක්

Tuesday, 14 August 2018 - 20:51

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිල නිවසේ අද (14) රාත්‍රියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවේදියි.

පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ සුසිල් ප්‍රේමජයන්ත මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ද ඇතුළත්.

ඊට අමතරව ස්වාධීනවීම සම්බන්ධයෙන් නීති උපදෙස් ගැනීමට අදාළව නීතීඥවරුන් කිහිපදෙනෙකුද එම කමිටුවට ඇතුළත් වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories