ඉතාලියේ ගුවන් පාලමක් කඩා වැටී 30 දෙනෙකු ජිවිතක්ෂයට

Wednesday, 15 August 2018 - 6:20

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+30+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉතාලියේ, ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් 15 දෙනෙකුට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කඩා වැටුණු පාලමේ සුන්බුන් අතර තවත් පිරිසක් සිර වී සිටින බවට ඉතාලි ආරක්ෂක අංශ සැක පළ කරනවා.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 300කට අධික පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වන්නේ ඉතාලියට බලපා තිබෙන දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම ගුවන් පාලමේ ආධාරකයක් පළමුවෙන් කඩා වැටී ඇති බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories