බලංගොඩ දරුවා ගැන තවමත් තොරතුරක් නැහැ

Thursday, 16 August 2018 - 14:55

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
බලංගොඩ - සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි සහන් ධර්මසිරි නමැති දස හැවිරිදි දරුවා අතුරුදන්වී මසකට ආසන්න කාලයක් ගතවී ඇති නමුත්, ඔහු පිළිබද කිසිදු තොරතුරක් මේ දක්වා වාර්තා වී නැහැ.

පොලීසිය පවසන්නේ දරුවා ජීවතුන් අතර, සිටින්නේ ද නැද්ද යන්න පිළිබදව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, දරුවා සොයා පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරමින් සිටිනවා.

බලංගොඩ - සමනලවත්ත විදුහලේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා අතුරුදන් වූයේ පසුගිය ජූලි මස 20 වනදායි.

පාසල නිම වී යළි නිවසට පැමිණ දර කැඞීමට ගොස් සිටි සිය පියා සෙවීම සදහා ඔහු අසල වනයට ගොස් තිබූ නමුත් පසුව පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරම්භ කළේ , ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන්.

ශ්‍රී පාද රක්ෂිතය ආසන්නයේ හුදකලාව පිහිටි සමනලවත්ත ගම්මානයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 50 ක් පමණ වනවා.

මේ වනවිට සැක කටයුතු පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, දරුවා සිටින බවට ලද තොරතුරුවලට අනුව පොලීසිය විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන සිදුකළ ද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නොලැබුණු බවයි බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

අතුරුදන් වු මෙම දරුවා මෙතෙක් හමු නොවීම හේතුවෙන් මෙම ගම්මානයේ ජනතාවට බියෙන් ජීවත් වීමට සිදුවන බවයි දරුවාගේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම අතුරුදන් දරුවා ගැන කිසියම් වූ තොරතුරක් දන්නේනම් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වන ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එම සිසුවා පාසලේදී අවසන් වරට සිය පන්තිකාමරය තුලදී නර්තනයක් ඉදිරිපත් කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories