කේරළයේ ජල ගැල්මෙන් 324ක් මරුට

Saturday, 18 August 2018 - 10:25

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+324%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැල්ම නිසා මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වර්ෂාපතනය තවදුරටත් පවතින අතර නාය යාම් රැසක් ද වාර්තා වී ඇති බව සඳහන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද කේරළයේ ජල ගැල්මට මුහුණ දී ඇති ප්‍රදේශවල ගුවන් නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතයි.

වසර 100කින් කේරළයේ හට ගත් දරුණුතම ජල ගැල්ම නිසා ජලාශ 80ක වාන් දොරටු විවෘත කර ඇති අතර, දෙලක්ෂ 23,000ක් ජනයා 1500කට අධික කදවුරුවල රදවා සිටින බව සඳහන්.

ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ඉන්දීය යුද, නාවික, ගුවන් සහ වෙරළාරක්ෂක බලඇණි යොදවා ඇති අතර, බෝට්ටු 200ක්, ගුවන් යානා 4ක් සහ වෙරළාරක්ෂක යාත්‍රා 3ක් ද ඒ සඳහා යොදවා තිබෙනවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories