ජගත් සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වන කොෆි අනන් අභාවප්‍රාප්ත වෙයි

Saturday, 18 August 2018 - 15:14

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B7%86%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු මෙන්ම නොබෙල් සාම ත්‍යාග ලාභී කොෆි අනන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්.

1938 වසරේ අප්‍රේල් 8 වනදා ඝානාවේදීයි ඔහු උපත ලබා තිබුනේ.

කොෆි අනන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ ඔහු සිදු කළ මානුෂීය සහන කටයුතු වෙනුවෙන්.

1997 වසරේ සිට 2006 වසර දක්වා ජගත් සංවිධාන මහලේකම් ධුරයේ කටයුතු කළ කොෆි අනන් එවැනි ජාත්‍යන්තර තනතුරක් හෙබවු පළමු අප්‍රිකානු කලු ජාතිකයා ලෙසටයි සැලකෙන්නේ.

මහලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔහු සිරියාවේ අර්බුධයට විසඳුමක් සෙවීම වෙනුවෙන් වන සාම වැටපිළිවෙලේ ජගත් සංවිධාන විශේෂ නියෝජිතයෙකු ලෙසට ද කටයුතු කළා.

2004 සුනාමි ව්‍යසනයෙන් පසු 2005 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories