රන් මාලයක් කොල්ල කා පළා යමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 19 August 2018 - 14:14

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා යතුරුපැදියකින් පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතලේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ - උකුවෙල -  ඕවිලිකන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ල කා පළා යමින් සිට ඇති අතර, අදාළ කාන්තාව ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ සමඟ ක්‍රියාත්මක වූ මාතලේ පොලීසිය සැකකරුවන් ලූහුබැද මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories