පුනරීන් ප්‍රදේශයේදී පැවති තිරික්කල් තරඟය

Monday, 20 August 2018 - 11:40

%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී ඊයේ (19) දින පැවත්වුණා.

පුනරීන් තරුණ සංසදය හා ග්‍රාමසංවරධන සමිතිය මගින් සංවිධානය කොට ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනය ,මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණා.

මේ අනුව අදාල ප්‍රදේශයන්හි සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගව ජෝඩු 70 ක් මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද විශාල පිරිසක් සහභාගී වී සිටියා.

පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාර පාන ලබා දීමටද සංවිධායක පිරිස විසින් පියවර ගෙන තිබුණා.

පැරණි සම්ප්‍රදායන් වර්ථමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්ථමාන ජනතාවටද දැකබලා ගැනීමට හා වර්ථමානයේ ගවයින්ට සිදුවන වද හිංසා අඩුකිරීමට ගත් උත්සහයක් මෙම තිරික්කල් රේස් තරගාවලියේ අරමුණ බවට සංවිධායකයින් වැඩි දුරටත් කියා සිටියා.


 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories