පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සැත්කම ආරම්භ වෙයි

Monday, 20 August 2018 - 13:02

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මේ වනවිට සිදුකරමින් පවතිනවා.

උන්වහන්සේගේ වකුගඩුවල පවතින ගලක් ඉවත්කිරිම වෙනුවෙන් මෙම ශල්‍යකර්මය සිදු කෙරෙන බවයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කළේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගියදා අභියාචනාධිකරණය වසර 6 ක සිර දඩුවමක් නියම කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන්.  

කෙසේ වෙතත් ඒ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන්වහන්සේට අදාළ ශල්‍යකර්මය  පසුගිය සඳුදා සිදු කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් හෘද ස්පන්දනයේ මතුවූ ගැටළුවක් හේතුවෙන් එම ශල්‍යකර්මය අද දිනය දක්වා කල් දැමුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories