Hirunews Logo
%E0%B6%85%E0%B6%B9+%E0%B6%9C%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Tuesday, 11 September 2018 - 7:27
අඹ ගෙඩි නඩුව යළි කරළියට
125

Shares
15,075

Views
අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට අනුරාධපුර - සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 02 වන දින යළි විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මෙම නියෝගය නිකුත් කළේ ඊයේ (10) ඊට අදාළව සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්.

අනුරාධපුර - සාලියපුර - ජයන්ති ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක අනුරාධපුර පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය එහිදී සදහන් කර තිබුණේ තමන් අනවසරයෙන් අඹ කැඩීමක් සිදුනොකළ බවයි.

ව්‍යාංජනයක් සකස් කිරීම සඳහා තමන් අඹ ගෙඩි 3ක් පමණක් කඩා ගත් බව මෙම කාන්තාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නඩුවට අදාළව අඹ ගෙඩි 19ක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛනගත කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,692 Views
827 Views
6,615 Views
6,436 Views
30 Views
44,939 Views
Top