Hirunews Logo
2020+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%80%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 September 2018 - 11:25
2020 ජනාධිපතිවරණයට තරඟවදින අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද මුල්වරට ඉන්දියාවේදී හෙළිකරයි
41

Shares
4,984

Views
ඉදිරි ජනාධිපතිවරණයට, තම සහෝදරයා තරඟ වැදීමට සුදුසුයි - මහින්ද, හින්දු පුවත්පතට කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයා තරඟ වැදීමට සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමිගේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

එම සංචාරය අතරතුරයි හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ තම වැඩිමහල් පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට තවමත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වයස් සීමාව අවුරුදු 30 සිට 35 දක්වා සංශෝධනය කිරීමට ඊට හේතුව බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ නිසා තම සහෝදරයා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීමට සුදුසු බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය පක්ෂය විසින් ගත යුතු බවද ඔහු හින්දු පුවත්පතට තවදුරටත් සඳහන් කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මන්නාරමේ ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්වෙයි
Friday, 07 September 2018 - 8:05
ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් විසින් සිය... Read More
News Image
Hiru News Programme Segments
1,515 Views
640 Views
6,583 Views
6,382 Views
231 Views
44,731 Views
Top