Hirunews Logo
%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%90%E0%B6%9A%E0%B7%96+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+-+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 September 2018 - 12:35
අණ නොතැකූ වෑන් රථයකට කුරුණෑගලදී වෙඩි - 4 දෙනෙකුත් අල්ලයි
29

Shares
3,520

Views
පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට කුරුණෑගල - පීලිකඩ මංසන්ධියේදී ඊයේ පස්වරුවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පසු පලාගිය සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් සැකකරුවෙකු පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

ඊයේ පස්වරු 5.30 ට පමණ මහනුවර සිට කුරුණෑගලට වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම වෑන් රථය පොලිස් අණ නොතකා පළාගොස් තිබූ අතර, පසුව යතුරුපැදියකින් ලූහුබැඳි පොලිස් නිලධාරීන් අදාළ වෑන් රථයට වෙඩි තබා තිබුණා.

අනතුරුව සැකකරුවන් අතහැර දමාගොස් තිබූ අදාළ වෑන් රථය පොලීසිය සොයාගත්තේ කුරුණෑගල - නුවර පාරේ මිල්ලව ප්‍රදේශයේදීයි.

එම ස්ථානයට මීටර 100 ක් පමණ දුරින් පිහිටි පාළු නිවසක් පරීක්ෂා කිරීමේදී පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනු අතර, වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි ඔහු කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කෙරුණා.

පලාගිය සෙසු සැකකරුවන් අනතුරුව අත්අඩංගුවට ගත් අතර මොවුන් සිව් දෙනා ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 35ක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරුවන් මහනුවර - දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන්.






Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,161 Views
7,202 Views
8,199 Views
8,298 Views
841 Views
52,819 Views
Top