Hirunews Logo
%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 13:55
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක්
13

Shares
1,641

Views
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය තුනහමාරක කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම්දී තිබූ අතර, ඒ අනුව ඔහු අද පෙරවැරු 10 ට පමණ එහි පැමිණියා.

කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ඉකුත් 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ද ඔහුගේ නිල නිවසේදී පැය 02කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගත්තා.

ඊට අමතරව කතානායක කරූ ජයසූරියගෙන්ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි 22 වනදායි.





 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,817 Views
6,765 Views
8,079 Views
8,195 Views
692 Views
52,304 Views
Top