Hirunews Logo
%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Wednesday, 12 September 2018 - 14:28
අගමැති, ඉන්දුනීසියානු ජනපති හමුවේ
12

Shares
1,497

Views
වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ අතර හමුවක් අද සිදුවුණා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ එහිදී දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අදාළව ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ බවයි.

මීට අමතරව දෙරටේ නාවික සහ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයතන පමණක් ප්‍රමාණවත් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ පූර්ව සැසියක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආසියාන් ලෝක ආර්ථික සමුළුව වියට්නාමයේ හැනොයි නුවරදී වියට්නාම අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා.

හැනොයි නුවර ජාතික සම්මේන මධ්‍යස්ථානයේදී ඇරඹුණු ආසියාන් ලෝක ආර්ථික සමුළුව සදහා ආසියාන් සංවිධානය නියෝජනය කරන රටවල නායකයින් 10 දෙනෙක් සහභාගී වූ අතර, මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූයේ විශේෂ ආරාධිතයෙකු ලෙසයි.

වියට්නාමයේ හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පුද්ගලික අංශයේ මූලධනය එක්රැස් කර ගැනීම මැයෙන් පැවති පූර්ව සැසියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එක්වුණා.

එහිදී සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ අනාගත සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නොවන හෙයින් පුද්ගලික ආයෝජනද ඒ සඳහා එක්රැස් කර ගැනීම පිළිබඳ කලාපීය පොදු කථිකාවක් ආරම්භ විය යුතු බවයි.

රාජ්‍ය - පුද්ගලික හවුල්කාරී ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිමත් කෙරෙන අණපනත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, අනෙකුත් රටවලට තර්ජනයක් විය හැකි ගිවිසුම්වලට තම රට එළැඹෙන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සී.එන්.බී.සී. පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදි අවධාරණය කර තිබෙනවා.

උපායමාර්ගික වැදගත් වරායන් පාලනය කරමින් චීන බලාධිකාරිය පැතිර වීමට කටයුතු කරමින් සිටින බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉහළ පොලියක් සහිත චීන ණය හේතුවෙන් රට ණය උගුලකට හසුවී ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.

කෙසේ වෙතත්, පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ජපාන විදේශ අමාත්‍යවරයා ද හම්බන්තොට වරාය හමුදා ක්‍රියාකාරකම්වලින් තොර විය යුතු බවට ඉල්ලා සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ චීන ආයෝජන කිසි විටකත් තර්ජනයක් නොවන බවයි.

මේ අතර ලා ඕස අග්‍රාමාත්‍ය තොංල්‍යුන් සිස්‍යුලිත් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතරද ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව සහ ලා ඕසය අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීමේ අභිලාෂයෙන් දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධාන කිරීමටයි තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලාංකිකයින්ට ලා ඕසයේ ආගමන විගමන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ලා ඕස අග්‍රාමාත්‍යවරයාට සිය කෘතවේදිත්වය ප්‍රකාශ කර තිබුණා.

එහිදී දෙරට අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂයෙන් දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර හමුවක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
3,083 Views
7,120 Views
8,178 Views
8,280 Views
806 Views
52,700 Views
Top