Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 12 September 2018 - 15:07
උතුරේ නියඟයෙන් පීඩාවට පත්වුවන්ට යුද හමුදාවෙන් ජලය (ඡායාරූප)
12

Shares
1,557

Views
උතුරු පළාතේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියං තත්වයෙන් පීඩාවට පත්වුවන්ට පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් යුද හමුදාව ක්‍රියාවට නංවා තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ජලය බෙදා හැරීමේ කටයුතුවල නිරතවන බවයි.

එහි පළමු පියවර ලෙස කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 350 කට අධික පිරිසකට අවශ්‍ය පානීය ජලය ලබාදී තිබෙනවා.

ඊට අමතරව පාසල් කිහිපයක සිසු සිසුවියන් වෙනුවෙන් ද ජලය ලබාදීමට යුද හමුදාව පියවර ගෙන තිබුනා.

කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ පවුල් 25000 කට අයත් පුද්ගලයන් 100000 ක පිරිසක් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට ලක්ව ඇති බවයි.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,998 Views
7,012 Views
8,152 Views
8,263 Views
774 Views
52,588 Views
Top