Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%B9%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Wednesday, 12 September 2018 - 15:37
පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි
34

Shares
4,143

Views
මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක්‌ හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස්‌ සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක්‌ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස්‌ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
27 හැවිරිදි සෙබළා අදාළ පාසල් දැරිය සමග ගොඩනඟාගත් මිතුරුදම මාස 3 ක්‌ පමණ ගත වන විට ප්‍රේම සම්බන්ධයක්‌ දක්‌වා දුරදිග යෑමෙන් පසු සෙබළා මොනරාගල ප්‍රදේශයට පැමිණ ඉකුත් සැප්තැම්බර් මස 02 දින අලුයම 5.00 ට පමණ දැරියගේ දෙමව්පියන්ට නොහැඟෙන ලෙස දැරිය කැඳවාගෙන ගොස් තිබෙනවා.

මෙම ගමනට තවත් හමුදා සෙබළෙක්‌ ද සහයට පැමිණ ඇති අතර එම සෙබළා ද තවත් තරුණියක්‌ රැගෙන සිවුදෙනාම කණ්‌ඩායමක්‌ වශයෙන් මොනරාගල නගරයේ සිට වැල්ලවාය හරහා කතරගමට ගොස්‌ මැණික්‌ ගඟෙන් දිය නෑමෙන් පසු එදින කතරගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහිදී බාලවයස්‌කාර පාසල් දැරිය හමුදා සෙබළා අතින් දූෂණයට ලක්‌වී ඇති බවත් වාර්තා වනවා.
 
ඉන්පසු සැප්තැම්බර් මස 03 දින මෙම සෙබළා දැරිය සමග අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගොස්‌ ඇති අතර දැරියගේ දෙමාපියන් විසින් සොයාගත් තොරතුරුවලට අනුව ගලෙන්බිඳුනුවැව පොලිසියට ගොස්‌ මෙම සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් සැකකාර සෙබළාගේ නිවසට යන විට දැරිය සහ සෙබළා එම නිවසේ සිටියදී සැකකාර සෙබළාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top