Hirunews Logo
%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 12 September 2018 - 15:40
යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට (ඡායාරූප)
136

Shares
16,342

Views
සූරියවැව කිරිඉබ්බන්ආර ප්‍රධාන මාර්ගයේ සෙවනගල නුගේගලයාය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියක් කුඩා අත් ට්‍රැක්ටරයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ සෙවනගල රන්වැලිගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක් වයසැති තරුණයෙක්.

යතුරුපැදිය ත්‍රී රෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී විරුද්ධ දිශාවෙන් පැමිණි අත් ට්‍රැක්ටරයේ ගැටී ඇතැයි සඳහන්.

අනතුරුව යතුරුපැදිය පුපුරා ගොස් ගිනිගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා සිටි තරුණයෙක් බව සඳහන්.

මෙම අනතුරට අදාළව ට්‍රැක්ටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සෙවනගල පොලිසිය විමර්ශණ සිදුකරනවා.

ඊයේ සවස 6.30 ට පමණ මෙම අනතුර සිදුවන ආකාරය එම ස්ථානයේ වෙළඳසැලක සවිකර තිබු CCTV කැමරාවක පටිගත වී තිබුනා.




ඡායාරූප - සූරියවැව නුවන් ජයසේකර
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,714 Views
6,651 Views
8,049 Views
8,153 Views
649 Views
52,094 Views
Top