Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 12 September 2018 - 15:54
උතුරුමැද ආණ්ඩුකාර ලේකම් ඇතුලූ තුන්දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්
3

Shares
464

Views
උතුරුමැද ආණ්ඩුකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ලබන පළමුවනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා.

ඒ, පළාතේ පාසල් සඳහා සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේදී අඩු සුදුසුකම් සහිත අටදෙනෙකු නීතිවිරෝධීව බඳවා ගත් බවට චෝදනා කරමින් සෞන්දර්ය ඩිප්ලෝමාධාරීන් පස්දෙනෙකු මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මහාධිකරණ විනිසුරු ගිහාන් චන්ද්‍ර රණවක හමුවේ අද එය විභාගයට ගැනුනා.

ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඞ් ආයතනය මගින් නිකුත් කර ඇති නර්තන හා සංගීත ඩිප්ලෝමා සහතිකය පිළිගත නොහැකි බව පවසමින් වගඋත්තරකරුවන් එම සම්මුඛ පරීක්ෂණයෙන් පෙත්සම්කරුවන් නොසළකා හැර ඇති බවට එහිදී චෝදනා එල්ල කර තිබෙනවා.  

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකින් යළි සෞන්දර්ය ගුරුවරුන් බඳවාගන්නා ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය ජනතා අයිතියට
Thursday, 21 February 2019 - 6:23
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය” අද(20)... Read More
News Image
Hiru News Programme Segments
832 Views
16,457 Views
10,331 Views
10,609 Views
313 Views
63,354 Views
Top