%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
Wednesday, 12 September 2018 - 18:00
බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් 4 දෙනෙකු මියයයි - දෙදෙනෙකු අතුරුදන්
13

Views
බේරුවලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ගාල්ලට බටහිරින් මුහුදු සැතපුම් 30 ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක ගැටී හතරදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ අනතුරින් දිවි ගලවාගත් එක් ධීවරයෙකු  නාවික හමුදාව මුදාගෙන ඇති බවයි.

ඊයේ රාත්‍රියේ විශාල නෞකාවක් සිය යාත්‍රාවේ ගැටෙමින් ගමන් කළ බවයි ‘‘මලිඳු පුතා’’ නැමති එම යාත්‍රාවේ දිවි ගලවාගත් ධීවරයා නාවික හමුදාවට ප්‍රකාශ කර ඇත්තේ.

පසුව අනතුර සිදුවූ ස්ථානය ආසන්නයෙන් ගමන් ගත් වෙනත් නෞකාවක් විසින් ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය ගලවාගැනීමේ මධ්‍යස්ථානය වෙත සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

පසුව නාවික හමුදාව එම ස්ථානයට ඩෝරා යාත්‍රාවක් පිටත් කර යැවූ අතර, එක් ධීවරයෙකු මුදා ගැනුනේ ඒ අනුවයි.

මේ වනවිට මියගිය ධීවරයන් සිව්දෙනාගේ සිරුරු  ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රැගෙන එමින් සිටිනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ අතුරුදන් ධීවරයන් සෙවීම සඳහා තවත් ඩෝරා යාත්‍රාවක් අදාළ ප්‍රදේශයට පිටත්කර යැවූ බවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,077 Views
55,704 Views
21,427 Views
28,487 Views
1,160 Views
105,445 Views
Top