Hirunews Logo
%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 12 September 2018 - 18:52
තුන්වන වරටත් විවාහ වීමට ගිය ගුරුවරයෙකුට වැඩ වරදී (ඡායාරූප)
188

Shares
22,676

Views
දෙවරක් විවාහ වී යළිත් තුන්වන වරට අද විවාහ වීමට ගිය ගුරුවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් වවුනියාවෙන් තොරතුරු වාර්තාවුණා.

38 හැවිරිදි ඔහු වවුනියාව - කල්මඩු ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණියක් සමඟ අද විවාහවීමට සුදානම් වී තිබුණේ ප්‍රදේශයේ කෝවිලකදියි.

එහි පූජා කටයුතු සිදුවන අතරතුර ඔහුගේ පළමු විවාහයේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී උණුසුම් තත්ත්වයක් මතුවුණා.

අප වාර්තාකරු සඳහන් කළේ තුන්වන වරට විවාහ වීමට වෙනුවෙන් අදාළ චාරිත්‍ර සිදු කෙරෙමින් තිබියදී පැමිණි දෙවන විවාහයේ කාන්තාව සහ ඇයගේ ඥාතීන් මෙම පුද්ගලයාට බැන වැදී පහරදී ඇති බවයි.

අනතුරුව විවාහය අතරමග නවතා පාර්ශවයන් තුනම පොලීසියට ගොස් ඇත්තේ ගැටළුව විසඳා ගැනීමටයි.

එහිදී මෙම පුද්ගලයා සඳහන් කර ඇත්තේ පළමු විවාහයෙන් තමන් නීත්‍යානුකුලව වෙන්වී සිටින බවයි.

අනතුරුව දෙවන විවාහය සිදුකරගත් බවත්, ඇයගෙන්ද වෙන්වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගැටළුව හේතුවෙන් අද ඔහු විවාහ කරගැනීමට සිටි තරුණිය එය නවතා දමා ඥාතීන් සමඟ පිටව ගිය බව පොලීසිය ප්‍රකාශ කළා.




ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජනපති මෛත්‍රීගේ පිලිපීන සංචාරය
Thursday, 17 January 2019 - 9:17
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිව්දින නිල සංචාරයක් සඳහා පසුගියදා පිලිපීනයේ නිල සංචාරයක නිරත වුණා.එහි... Read More
News Image
Hiru News Programme Segments
1,533 Views
13,343 Views
9,585 Views
9,803 Views
138 Views
59,998 Views
Top