Hirunews Logo
%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Friday, 14 September 2018 - 13:34
පොලීසියේ නොහැකියාව ගැන ඒකාබද්ධයෙන් ආණ්ඩුවට චෝදනා
13

Shares
1,596

Views
බැඳුම්කර වංචාවට සම්බන්ධ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනිමට නොහැකි වී ඇත්තේ පොලිසියේ නොහැකියාව නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒකාබද්ධ තරුණ පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

වර්තමානයේදී විමර්ශනයට ලක් කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය දේවල් පමණක් බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියාසිටියේ. 

රටේ ආරක්ෂාවට වගකිව යුතු පුද්ගලයින් පාතාලය සමඟ සබඳතා ඇති බවට වාර්තාවීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබද වගකිව යුතු කිසිවෙකුත් නොමැති තත්ත්වයක් රට තුළ උද්ගතව ඇති බවට ද මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවට දූෂණ විරෝධී බලකාය සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොලීසිය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි.

ජනබලය කොළඹට විරෝධතාවය අතරතුරදී විෂ සහිත කිරිපැකට් ලබාදීම සම්බන්ධයෙන් කළ පැමිණිලි ගැන මෙතෙක් විමර්ශන ආරම්භ කර නොමැති බවට ද ඔහු චෝදනාවක් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,598 Views
730 Views
6,594 Views
6,408 Views
16 Views
44,842 Views
Top