Hirunews Logo
%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B6%BB+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F
Friday, 14 September 2018 - 17:50
සීනිගම දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් වාහන ගමනාගමනයට සීමා
19

Shares
2,338

Views
සීනිගම ඓතිහාසික දෙවොල් දේවාලයේ පෙරහර මංගල්‍යය වෙනුවෙන් හෙට සිට ලබන 18 වන දා දක්වා ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

හෙට දහවල් 1.10ට පෙරහර වීථි සංචාරය කරන අතර, එම කාලසීමාව තුළ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරනු ඇති.

එමෙන්ම අනිද්දා පස්වරු 1.15 සිට සහ 17 වන දා රාත්‍රී 9.30 සිට මෙලෙස වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.

එම කාලසීමාවන් තුළ දී එක් මංතීරුවක් තුළ පමණක් වාහන ගමනාගමනය සඳහා කටයුතු යොදා ගැනෙනු ඇති.

මේ අතර, මෝදර - මාදම්පිටිය මාර්ගයේ ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 9 සිට 17 වන දා උදෑසන 5 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
71 වන ජාතික නිදහස් දින සමරුම
Monday, 04 February 2019 - 15:35
71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,368 Views
15,905 Views
10,182 Views
10,466 Views
203 Views
62,739 Views
Top