Hirunews Logo
%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 16 September 2018 - 17:51
හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
2

Shares
329

Views
කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය ඊයේ (15) සිදුකළ විමර්ශනයකදී හෙරොයින් ග්‍රෑම් 75 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව හෙරොයින් ජාවාරමේ නිරතව සිට ඇති අතර, කුඩු සංඛ නමින් හැඳින්වෙන පුද්ගලයාගේ මව බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කළා.

එම නිවස වටලන අවස්ථාවේ එම කාන්තාවගේ පුත්‍රයා වන කුඩු සංඛ පළා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලීසිය කියා සිටියේ.

පානදුර - අළුබෝමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක එම කාන්තාව හෙරොයින් ජාවාරමේ නිරතව ඇති අතර, අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් හත්ලක්ෂ 50,000කට ආසන්න බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ කාන්තාව රැදවුම් නියෝග මත මේ වන විට පානදුර පොලිස් භාරයේ පසුවනවා.

මේ අතර, අම්බලන්තොට ප්‍රදේශයේ හෙරොයින් බෙදා හරිනු ලැබූ කුඩු ලොකු අම්මා නැමැති කාන්තාව ද අද (16) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර ද අවස්ථා ගණනාවකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
අධික නියඟයෙන් අතමිට සරුකර ගත් පුත්තලමේ ලුණුලේවා කරුවන්
Wednesday, 19 September 2018 - 19:29
මේ දිනවල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන... Read More
News Image
Hiru News Programme Segments
1,885 Views
1,018 Views
6,677 Views
6,486 Views
41 Views
45,148 Views
Top