Hirunews Logo
4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96%2C+%E0%B6%95%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 16 September 2018 - 19:07
4 දෙනෙකුට මරු කැඳවූ, ඕමන්තේ රිය අනතුරට හේතුව හෙළිවෙයි
129

Shares
15,533

Views
වවුනියාව -  ඕමන්තේ - පන්රිකෙයිදකුලම් ප්‍රදේශයේදී 4 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ රිය අනතුරට හේතුව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අනතුරට ලක්වූ මෝටර් රථය, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමේදී එහි එන්ජිම ක්‍රියා විරහිතවීම නිසා යාපනයේ සිට මාතර බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියෙහි මෙලෙස ගැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන්කර තිබෙනවා.

ඉන් මිය ගොස් ඇත්තේ කාන්තාවන් 04 දෙනෙක්.

ඔවුන් යාපනය - ඩෙල්ෆ් දූපතේ පදිංචිකාරිනියන්.  

අනතුර සිදුවන අවස්ථාවේදී ඉදිරිපස ගමන් කළ පිරිමි පුද්ගලයෙකු සහ තවත් කුඩා දරුවන් තුන්දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 250ක් පමණ දුරකට ඇදී ගොස් දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
Hiru News Programme Segments
116 Views
1,255 Views
6,773 Views
6,569 Views
104 Views
45,445 Views
Top