‘‘මැන්කුට්’’ චීනය කළඹයි

Monday, 17 September 2018 - 7:30

%E2%80%98%E2%80%98%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබෙනවා.

සුළි කුණාටුවෙන් දෙදෙනෙකු මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ලක්ෂ 20 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත්කර තිබෙනවා.

පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

මින් වැඩිම හානිය සිදුව ඇත්තේ දකුණු චීනයේ ග්වන්ඩොන් ප්‍රාන්තයට වන අතර, 2018 වසරේ හමාගිය විශාලතම සුළි කුණාටුව මෙය වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories