බස් සංගම් වර්ජනයකට සැරසෙයි

Monday, 17 September 2018 - 12:12

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වැඩිවූ ඩීසල් මිලට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් ලබන 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ලේකම් අංජන ප්‍රියංජිත් මේ බව කියා සිටියේ කොළඹ අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළේ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට සාපේක්ෂව පෞද්ගලික බස් රථවලට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වහාම මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැක්කේ සියයට 4 කින් පමණක් වන අතර, ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories