පළුගස්වැව පාඩුව රේල්ලුවෙන් ගන්න තෙල් සංස්ථාව සැරසේ

Tuesday, 18 September 2018 - 11:46

%E0%B6%B4%E0%B7%85%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
හබරණ සහ පළුගස්වැව අතර මාර්ගයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක වන අලි රංචුවක් ගැටීමේ සිද්ධියේදී පිටතට කාන්දු වූ ඉන්ධනවල අලාභය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පියවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව කියා සිටියේ මෙම සිද්ධියේදී පෙට්‍රල් හා ඞීසල් කාන්දුවීමත් සමඟ මඩකලපුව ප්‍රදේශයට හිඟයකින් තොරව අවශ්‍ය ඉන්ධන ටැංකි රථවලින් බෙදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ඊයේ රාත්‍රියේ කොලොන්නාව නිමාවේ සිට මඩකලපුව තෙල් තොග ගබඩාව දක්වා ඞීසල් සහ පෙට්‍රල් රැගෙන ගමන්ගත් මෙම දුම්රිය හබරණ සහ පළුගස්වැව අතර ප්‍රදේශයේදී අද අලූයම වන අලි රංචුවක ගැටීම නිසා පිලීපැනීමකට ලක්වුණා.

එහිදී වන අලි පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම සිද්ධියෙන් පසු අදාළ දුම්රියේ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්ධන කාන්දුවීමක්ද සිදුවුණා.

එහිදී ප්‍රදේශවාසීන් මියගිය වන අලි සිරුරු එම ස්ථානයේම තිබියදී ඉන්ධන රැගත් දුම්රියෙන්, පිටතට ගලා එන ඉන්ධන එක්රැස් කර ගැනීමට යුහුසුළුව කටයුතු කරනු දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, අනතුරෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවමත් මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර තිබෙනවා.

එසේම අද රාත්‍රියේ මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර දුම්රිය සහ ත්‍රිකුණාමලය - මඩකලපුව රාත්‍රී තැපැල් දුම්රිය ද අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ

කොලොන්නාව නිමාවේ සිට මෙම දුම්රිය පෙට්‍රල් සහ ඞීසල් ලීටර් 45,000 බැගින් අඩංගු තෙල් ටැංකි 08 කින් සමන්විත ගමන් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ සිදුවූ පිලීපැනීමෙන් ඉන් එක් තෙල් ටැංකියක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ඉන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවු පාඩුව පියවා ගැනීමට කටයුතු කරන බවයි එම සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.   

මේ අතර, වන අලි 5 දෙනා මිය ගිය ස්ථානය අලිමංකඩක් වන අතර, ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරමින් ප්‍රදේශයේ සංඥා පුවරු ද සවි කර තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය එම වේග සීමාව ඉක්මවා ධාවනය කර ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.  

කෙසේ වෙතත්, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නියමිත වේගයට වැඩි වේගයකින් එහිදී දුම්රිය ධාවනය කිරීමක් පිළිබඳව තොරතුරු තමන්ට ලැබී නොමැති බවයි.  









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories