පොලිස්පති පැය දෙකක්, පොලිස් කොමිසමේ

Thursday, 20 September 2018 - 18:35

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
සති දෙකක් තුළ ධුරයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවට වාර්තා වූ පොලිස්පති පූජිත් ජයසුන්දර අද දහවල් ජාතික පොලිස් කොමිසමට පැමිණියා.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් පොලිස් කොමිසමේ රැස්වීමට එක්ව සිටි පොලිස්පතිවරයා මාධ්‍යය වෙත කිසිදු අදහසක් පළ නොකර එම ස්ථානයෙන් නික්ම ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සති දෙකක කාලයක් තුළ ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් පොලිස්පතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දුන් බවට පළවන මාධ්‍ය වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රතික්ෂේප කරන බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන සඳහන් කළේ.

එසේම, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එවැනි දැනුම්දීමක් පිළිබදව තමන් හෝ අමාත්‍යවරයා දැනුවත් වී නොමැති බවයි.

පොලිස්පතිවරයා සහභාගි වූ විවිධ උත්සව ඇතුළු අවස්ථාවන්වලදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා සමාජයේ දැඩි කතාබහට ලක්වුණා.

එම කතාබහ වඩාත් උත්සන්න වූයේ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට චෝදනා එල්ල වීමත් සමගයි.

එමෙන්ම, රුපියල් මිලියන 12 ක චෙක්පතක් සම්බන්ධයෙන් අයථා ගණුදෙනුවක් පිළිබදව ද පොලිස්පති පූජිත ජයසුන්දරට චෝදනා එල්ල වී තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories