update : දෙමටගොඩ දුම්රිය අංගනයේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)

Saturday, 22 September 2018 - 13:52

update+%3A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B6%A7%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හට ගත් හදිසි ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලූත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන තිබූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම මැදිරි අලූත්වැඩියා කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට භාරව තිබූ බවයි.

සේවකයන් දිවා ආහාරය සදහා පිටව ගිය අවස්ථාවක ගින්න පැතිර ගොස් ඇති බව අදාළ සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

ඔහු කියා සිටියේ අබලන්ව තිබූ මෙම දුම්රිය මැදිරි අලූත්වැඩියා කිරීමේ කටයුතු මූලික අදියරේ පැවති නිසා සිදුවීමට තිබූ විශාල පාඩුවක් අවම වී ගිය බවයි.

ගින්නට හේතුව හෝ එයින් අදාළ මැදිරි වලට සිදුවූ අලාභ හානිය මෙතෙක් වාර්තා වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

update :-  Saturday, 22 September 2018 - 15.14

-------------------------------------------------

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක ගින්නක්

දෙමටගොඩ දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි 3ක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය සඳහන් කළේ අලුත්වැඩියා සිදුකිරීම සඳහා රැගෙන ආ දුම්රිය මැදිරිවල මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් මේ වන විට යොදා ඇති බව ද එම ඒකකය සඳහන් කළා.



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories