%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
Thursday, 11 October 2018 - 13:08
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය
522

Views
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් තුන්දෙනා සඳහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට මධ්‍යහ්න 12 ට පළමුවරට රැස්වීමට නියමිත අතර, එහිදී නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරට, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂනායකවරයා නිල බලයෙන් පත්වනවා.

එහි ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහත් විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂත් පත්කර ඇති අතර, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස පත්කර ඇත්තේ ඇමතිනි තලතා අතුකෝරලයි.  

සුළු පක්ෂ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පත්කර තිබෙනවා.

එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතීඥ අහමඩ් ජාව්ඩ් යූසූෆ් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් පත්කිරීමටයි අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවා ඇති මෙම ව්‍යවස්ථා සභාවේ නිල කාලය වසර 3 ක්.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයින් තුන්දෙනාට අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේ පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top