Hirunews Logo
update+%3A+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Thursday, 11 October 2018 - 13:20
update : බත්තරමුල්ල නිමි ඇඳුම් අලෙවිසැලේ ගින්න මැඩපවත්වයි (ඡායාරූප)
170

Shares
20,490

Views
බත්තරමුල්ල - පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මේ වනවිට තිබෙනවා. 

අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක් සහ  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ ද, ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ද යොදා ගැනුණා.

පෙරවරු 11 ට පමණ මෙම ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයින් 80 දෙනෙකු සහ රෙදිපිලි මිලදී ගැනීමට පැමිණි පිරිසක් එහි සිටි නමුත්, ඔවුන්ට එහිදී හානියක් සිදුව නැහැ.

ගින්න පැතිර යාම නිසා අසල තිබූ වෙළඳසැලකටද අර්ධ හානි සිදුව තිබෙනවා.

සේවකයින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ වෙළඳසැලේ එක් මහලක විදුලි පරිපථයක හටගත් ගින්නක් පසුව අනෙකුත් මහල් වෙත පැතිර ගිය බවයි.

ඒ අනුව මෙය ස්වභාවික ගිනි ගැනීමක් බවට සැක කරන බව තලංගම පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

update : Thursday, 10 october 2018 - 14.35
---------------------------------------------------------

බත්තරමුල්ල - පැලවත්ත නගරයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසැළක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන තිබෙනවා.

මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද පෙරවරුවේ හටගත් මෙම ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ 5 ක් යොදවනු ලැබුවා.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 3 ක්ද යෙදවූ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න හේතුවෙන් බත්තරමුල්ල - කොට්ටාව මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා තිබෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top