Hirunews Logo
%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
Thursday, 11 October 2018 - 15:49
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්
3

Shares
446

Views
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එසේම, ඔවුන් ගොනුකර තිබූ ඇප අයදුම්පත ද අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ එම ඇප අයදුම්පත අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි.

මේ අතර ප්‍රකට අලි ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා.

ඒ, නිසි බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධි චෝදනා 24 ක් යටතේයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ශ්‍රී ලංකාවේ දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම
Monday, 17 December 2018 - 21:01
මෙරට පැවැත්වෙන දැවැන්තම ජාත්‍යන්තර සංගීත අත්දැකීම "SUNFEST 2018" අති සාර්ථක ලෙස පසුගියදා අවසන් වුණා.SUN... Read More
News Image
News Image
Hiru News Programme Segments
6,019 Views
10,467 Views
8,974 Views
9,132 Views
1,454 Views
56,661 Views
Top