Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Thursday, 11 October 2018 - 18:40
පළාත් සභා ඡන්දය ගැන අදත් තීන්දුවක් නැහැ
2

Shares
315

Views
පළාත් සභා ඡන්දය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද මැතිවරණ මහලේකම් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

කෙසේ වෙතත්, එහිදීද මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට නොපැමිණි බවයි සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඊට එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අද පැවති සාකච්ඡාවට එක්ව සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

ඔහු පළාත් සභා මැතිවරණය සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ කර සිටියා.

හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොවක් කතා කරන රාජකීය නාවික හමුදාව
Monday, 24 September 2018 - 11:04
මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ දුර්ලභ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසනවා.රාජකීය... Read More
News Image
News Image
Hiru News Programme Segments
245 Views
3,251 Views
7,207 Views
7,105 Views
87 Views
47,832 Views
Top