%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Saturday, 13 October 2018 - 18:52
ආණ්ඩුවේ අස්ථාවරත්වය තහවුරු වී ඇතැයි හිටපු ජනපති කියයි
291

Views
ආණ්ඩුවේ අස්ථාවරත්වය මේ වනවිට තහවුරු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ පළමු ජාතික සම්මේලනයට අද රත්නපුරයේදී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දරුවන්ට උදෑසන කිරි වීදුරුවක්, දහවලට බත් ආහාරයට ගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

ආණ්ඩුව පරාජයට පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බවද මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top