සීගිරියේ බිතු සිතුවම් සහ කුරුටු ගී ත්‍රිමාණ පිටපත්කරණය අරඹයි

Monday, 15 October 2018 - 7:23

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%9C%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
සීගිරි බිතු සිතුවම් සහ කුරුටු ගී, නව තාක්ෂණය යොදාගෙන ලේසර් කිරණ මගින් ත්‍රිමාණ පිටපත්කරණය මේ දිනවල සිදුකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ජර්මනියේ බැම්බර්ග් සරසවිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කැළණිය විශ්වවිද්‍යාලය එක්ව එය සිදුකරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළේ.

ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම මහනුවර දළදා මාළිගාවද මෙලෙස ත්‍රිමාණ ලේසර් කිරණ මගින් ප්‍රතිරූපනය කර තිබෙනවා.

කැටපත් පවුරේ ලේසර් කිරණ මගින් ලබා ගන්නා පිටපත්කරණයේදී ඇතැම් විට කියවා ගැනීමට අපහසු සියුම් ස්ථානවල ඇති කුරුටු ගීත පවා කියවා ගැනීමට හැකිවන බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බී.ඩී. නන්දදේව දඹුල්ලේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories