සන්සුන් වන්නැයි තෙබුවන සැරයන් කියයි

Wednesday, 17 October 2018 - 18:54

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආවේගකාරී නොවී, ගැටළු විසඳා ගැනීමට කටයුතු කළ යුතු බව ගිනි අවියක් රැගෙන නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා සේවය අත්හිටුවා, අද යළි සේවයේ පිහිටවූ තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යළි සේවයේ පිහිටුවීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.

අත්අඩංගුවට ගත් වැලි ලොරියක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරි බව පවසමින් මොහු පසුගිය 3 වනදා සිය ගිනි අවිය රැගෙන තෙබුවන නගරයේදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.

පසුව ඔහු පාලනය කරගත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින්. එහිදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසුව ඇප මත මුදාහැරුණු අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගත්තා.

මේ අතර පොලිස් සැරයන් සනත් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයට කැදවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔවුන්ට රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කළේ මුහුණදී ඇති ආර්ථික දුෂ්කරතාවන් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සැලකිල්ලට ගෙනයි.

එසේම ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුව යළි තෙබුවන පොලීසියටම අනුයුක්ත කර සේවයේ පිහිටවනු ලැබූ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පොලිස් දෙපාර්තමේන්තුවේද අනුකම්පා සහගත නිලධාරීන් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories