සෑම පුරවැසියෙකුම සොබාදහම රැක ගත යුතුයි - ජනපති

Friday, 19 October 2018 - 18:46

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%9C%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
රටේ සෙසු පළාත්වලට සාපේක්ෂව උතුරු පළාතේ වන ඝනත්වය ආරක්ෂා වී ඇත්තේ වසර 30 ක් පැවති යුද්ධය හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨයේ ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එම උත්සවයට සහභාගිවීමට පෙර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ ජනාධිපති පරිසර සම්මාන උළෙලට සමගාමීව "ශ්‍රී ලංකා නෙක්ස්ට්” පාරිසරික ප්‍රදර්ශනය විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක්වුණා.

පාරිසරික විෂය ක්ෂේත්‍රයට විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකළ ආයතන සහ පුද්ගලයින් අගයමින් ජනාධිපති පරිසර සම්මාන පිරිනැමීම සිදුවුණේ ඉන් අනතුරුවයි.

එම උත්සවයෙන් අනතුරුව පොළොන්නරුව අධ්‍යාපන විද්‍යා පීඨයේ ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories