මාතර - ඌරුබොක්කේදී වෙඩි තැබීමක්

Monday, 22 October 2018 - 10:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+-+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මාතර - ඌරුබොක්ක - හුලංකන්ද - දම්පහළ මාර්ගයේදී අද (22) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මියගිය පුද්ගලයා යතුරුපැදියකින් සේවයට යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් මෙලෙස ඔහුට වෙඩි තබා ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ වලස්මුල්ල - අකුරැස්සවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජන හා සංඛ්‍යාලේඛන අංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරනවා.

වෙඩි තැබීමට හේතුව සහ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණ වී නැහැ.

මේ අතර, මාතර - රොටුඹ ග්‍රාමීය බැංකුව ඉදිරිපිටදී ද පසුගිය සෙනසුරාදා වෙඩි තැබීමක් සිදුවූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා තවමත් කඹුරුපිටිය සහ මාතර යන රෝහල් වල ප්‍රතිකාර ලබනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories