පළමුවන ලෝක යුද්ධය නිමාවේ සියවස සැමරේ

Sunday, 11 November 2018 - 7:51

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%83+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A
පළමුවන ලෝක යුද්ධය නිමාවේ, සියවස් සැමරුම ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේදී ඊයේ ආරම්භවූයේ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ඇතුලූ රාජකීයයන්ගේ ප්‍රධානත්වයෙන්.

1918 වසරේ නොවැම්බර් 11 වනදා අවසන් වූ පළමුවන ලෝක යුද්ධයේ නිමාව අද සළකුණු කෙරෙන අතර, එහි සැමරුම් ප්‍රංශයේදීද ඊයේ ආරම්භවුණා.

ලන්ඩන් සැමරුම් උළෙලේදී අධික වර්ෂාව මැද චාල්ස් කුමරු, විලියම් සහ හැරී කුමරු ඇතුලූ රාජකීයයන් මල් කළඹ තැන්පත් කර ලෝක යුද්ධයෙන් මියගිය බ්‍රිතාන්‍ය සෙබළුන් සිහිපත් කළා.

එම අවස්ථාවට අගමැතිනි තෙරේසා මේ ද එක්ව සිටියා.

ලෝක යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ ඥාතීන් වේදිකාවට පිවිසුණේ රාජකීය ඇල්බට් ශාලාවේ සිවිලිමෙන් පොපි මල් ඇදහැලෙද්දියි.

ඉන් අනතුරුව පැවති සැමරුම් උත්සවයේදී ශ්‍රීමත් ටොම් ජෝන්ස් ඇතුලූ ශිල්පීන් ගායනා ඉදිරිපත් කළා.

පළමුවන ලෝක යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුම අත්සන් තැබුණේ ප්‍රංශයේදියි.

උතුරුදිග ප්‍රංශයේ කොම්පියෙන් නගරය ආසන්නයේ වන පෙදෙසේ දුම්රිය මැදිරියක් තුළදී එම ගිවිසුමට අත්සන් තැබූ අතර, එය සංකේතවත් කිරීමේ දුම්රිය මැදිරියක්ද එම ස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.

එහි පැවති සැමරුම් උළෙලට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එක්ව සිටියා.

1914 ජූලි 24 වනදා ඇරඹී, 1918 නොවැම්බර් 11 වනදා අවසන් වූ පළමු ලෝක යුද්ධයෙන් හමුදා සාමාජිකයන් අනූ හත් ලක්ෂයක් ජීවිතක්ෂයට පත්වූ අතර, මියගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව කෝටියකට අධිකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories