ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ගේ මුලික විරෝධතාව ඉවතට

Monday, 12 November 2018 - 12:52

%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව විනිසුරු මඩුල්ල අද (12) ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීමට තීරණය කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහිව චෝදනා කියවා දුන් බවයි අප අධිකරණ වාර්තකරු සඳහන් කළේ.

මීට පෙර මෙම නඩුව කැදවූ අවස්ථාවේදී විත්තිකරුවන් හතරදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කළ නොහැකි බවට මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළා.

අද දිනයේ ඒ සම්බන්ධයෙන් නියෝගය ලබාදීමට නියමිතව තිබූ අතර ඒ අනුවයි ඔවුන්ගේ මූලික විරෝධතාව අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ.

එමෙන්ම විත්තිකරුවන්ට චෝදනා කියවා දීමෙන් පසුව ඔවුන් කියා සිටියේ මෙම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බවයි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.

මෙම නඩුව මේ මස 14 වනදා යළි කැදවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories