ජනපති ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු ඇතැයි ඇමති මහින්ද සමරසිංහ කියයි

Wednesday, 14 November 2018 - 14:47

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD%E0%B7%80+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කථානායකවරයාගේ ලිපිය ලැබුණු පසු ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ, දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.

මීට පෙර කථානායක කාර්යාලය ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළව මන්ත්‍රීවරුන් 122 කුගේ අත්සන් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි.

මේ අතර පසුගිය රජය විසින් ආරම්භ කළ නිළ ඇඳුම් සඳහා ලබාදුන් වවුචර් ක්‍රමය අවලංගු කොට යළි පැරණි ක්‍රමයට රෙදි ලබාදීමට කැබිනට් අනුමැතිය හිිමිව තිබෙනවා.

එමෙන්ම පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය නීති කෙටුම්පත් සැකසීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ මෙහිදී ප්‍රකාශ කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories