කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

Wednesday, 14 November 2018 - 15:03

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කතරගම - කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, මෙම නඩුව තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදියි.

මෙහිදී පොලිස් භාරයට ගෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමුකර ඇති මෙම නඩුවට සම්බන්ධ සියලූම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වන වාර්තාව අධිකරණයට කැඳවන ලෙස සිහි කැඳවීමේ ලිපියක් යොමුකරන්නැයි පොලීසිය කළ ඉල්ලීමට ද අධිකරණයේ අවසර හිමිව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කතරගම - කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන අසේල ලක්මාල් සහ එකම පවුලේ නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ඇතුලූ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.
    
    
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories