පාර්ලිමේන්තුව ගැන කථානායකවරයාගෙන් ජනාධිපතිවරයාට ලිපියක්

Wednesday, 14 November 2018 - 18:47

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්දයෙන්, ආණ්ඩුව පරාජයට පත් වූ බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කථානායකවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමටයි කථානායකවරයා තීරණය කළේ.

ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවති අතර, එහිදී තීරණය කෙරුණේ පාර්ලිමේන්තුවේ අද දිනට හිමි න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරීමටයි.

පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අද පෙරවරු 10ට ආරම්භ වූ නමුත් එහි රූපවාහිනී සජීවි විකාශය අත්හිටුවා තිබුණා. කථානායකවරයා මුලසුනට පැමිණීමෙන් පසු සභාවේ කටයුතු ආරම්භ කෙරුණු අතර එම අවස්ථාව වනවිට අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ අගමැති අසුනේ අසුන් ගෙන සිටි අතර, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ පසුපස අසුනක රැඳී සිටියා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පසුගියදා දිවුරුම් දුන් ඒ. එච්. එම්. ෆවුසි, පියසේන ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ මනූෂ නානායක්කාර ද විපක්ෂයේ අසුන් ගෙන සිටීම විශේෂත්වයක්.  

පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.

එහිදී නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙවැනි යෝජනාවක් ගෙන ඒමට හැකියාවක් නොමැති අතර පාර්ලිමේන්තු හෙට දක්වා කල් තබන ලෙසටයි.

එම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව ස්ථීර කරනු ලැබුවා.

ඒ සමඟම ඔහු කතානායකවරයාගේ දකුණු පසින් පැමිණ විශ්වාසභංග යෝජනාව ඇතුලත් අත්සන් ලේඛණය භාරදුන්නා.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ එම අවස්ථාව වනවිට ප්‍රධාන යෝජනා දෙකක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්ව ඇති බවයි.

එම අවස්ථාවේ කතානායකවරයා, නාමිකව හෝ පෙලින් පෙල ජන්ද විමසීමක් සිදුකළ යුතු බව ප්‍රකාශ කලද සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් ඊට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ අතරතුරම ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට සහයෝගය පළ කළා.

එහිදී කතානායකවරයා ප්‍රකාශ කළේ බහුතර කැමැත්ත මත ස්ථාවර නියෝග අත්හිටුවා ඇති අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමන් ජන්ද විමසීම සිදු කරන බවයි.

එම අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධය පළ කරමින් සිටියා.

පසුව ඔවුන් සෙංකෝලය අසලට පැමිණීමත් සමඟ වේත්‍රධාරීවරයා ඇතුලූ පිරිස එය එම ස්ථානයෙන් ඉවත් කර කතානායකවරයා අසලට රැගෙන ගියා.

එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය අසුනෙන් නැගිට පාර්ලිමේන්තුවේ පිටතට ගිය අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දිගින් දිගටම සිය විරෝධය පළ කරන්නට වුණා.

පසුව කළු පටි පැළඳ සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගිට විශ්වාසභංග යෝජනාවට සහය පළ කරනවාත් සමඟම පාර්ලිමේන්තුව තුල ඇති වූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.

 කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඩ අනුව පෙනී යන බවයි කථානායක කරූ ජයසූරිය අනතුරුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.  

මේ අතර ව්‍යවස්ථානුකූලව ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට කටයුතු කරන බව කතානායක කරූ ජයසූරිය සදහන් කළා.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට සදහන් මන්ත්‍රීවරුන් 122 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියේ පිටපතක් ද ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය සදහන් කළේ.

එසේම, ජනතා විමුක්ති පෙරමුණ අද ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඒ සම්බන්ධයෙන් සභාවේ තීරණය ද ජනාධිපතිවරයා වෙත යොමුකරන බව එහි දැක්වෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories